(මොහොමඩ් ආසික්)
කටුගස්තොට කුරුණෑගල මාර්ගයේ අවන්හළකට තේ පානය සඳහා ගිය කටුබැද්ද ඩිපෝවේ සේවය කරන ලංගම බස්රථ කොන්දොස්තරවරයකුට තර්ජනය කර ඔහු සතුව තිබූ රුපියල් 8342 ක මුදලක් කොල්ල කා පලා ගිය සැකකරු අත්අඩංගුවට ගත් බව කටුගස්තොට පොලීසිය පවසයි.
කටුබැද්ද ඩිපෝවට අයත් බස් රියක් හදිසියේ ආපදාවකට ලක්ව ඇති අතර එය අලුත්වැඩියා කිරීම සඳහා මහනුවර නුගවෙල ඩිපෝවට යොමු කරනු ලැබ තිබේ.
බස්රථය අලුත්වැඩියා කරන තුරු කටුගස්තොට කුරුණෑගල මාර්ගයේ යටිවාවල ප්‍රදේශයේ අවන්හළකට තේ පානය සඳහා මෙම බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර දෙදෙනා ගොස් ඇති අතර ඒ අවස්ථාවේ මුදල් කොල්ල කා සැකකරු පලා ගොස් ඇත.
කටුගස්තොට පොලීසියට පැමිණිලි කිරිමෙන් පසු ක්‍රියාත්මක වූ පොලීසිය සැකකරු හඹා ගොස් ඔහු අත් අඩංගුවට ගනු ලැබ තිබේ.
සැකකරු මෙලෙස මුදල් කොල්ල කා මත්පැන් පානයට පුරුදු වී සිටින බවත් ඔහු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරිමට නියමිතය.
කොන්දොස්තරට තර්ජනය කර මුදල් කොල්ල කෑ අයෙක් අත්අඩංගුවට
Recommended Articles