කොන්දේසි කඩා වැලි කැපුවැයි අයෙක් සැකපිට


(ජුඩ් සමන්ත)

බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් මාදම්පේ - මුගුණුවටවනේ වැලි කැපීමේ ස්ථානයක් පවත්වාගෙන ගිය බව කියන පුද්ගලයකු අද (09) අත්අඩංගුවට ගත් බව පුත්තලම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දිසා දුෂණ වැටලීමේ ඒකකය කියයි.

මෙම ස්ථානයේ වැලි කැපීම සදහා පතල් හා කැණීම් කාර්යංශයෙන්  අවසර ලබා දී ඇත්තේ මීටර් 03 ක් ගැඹුරට පමණි.නමුත් ඊට වැඩියෙන් කැණීම් කර ඇතැයි වැටලීම කළ නිලධාරීන් පවසයි.

වැලි කැණීම් සදහා යොදා ගත් බැකෝ යන්ත්‍ර 02  ක් ඇතුළු උපකරණ ද අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු සහ උපකරණ අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා මාදම්පේ පොලීසියට බාර දී ඇත.