(නවරත්න සමරතුංග)
ඊසානදිග මෝසම් වැසි ලැබීමත් සමඟ අම්පාර, කොණ්ඩුවටුවාන ජලාශය අද(26) පිටාර ගැලීමෙන් මාර්ග ජලයෙන් යටවී තිබේ.
මේ වනවිට අම්පාර දිස්ත්‍රික්කයේ ජලාශ සියල්ල ම පිරී පවතින බවත්, ඉඟිනියාගල සේනානායක සමුද්‍රයේ ජලධාරීතාවය අඩි 60 දක්වා ඉහළ ගොස් ඇති බවත් අම්පාර වාරිමාර්ග ඉංජිනේරු ඒ. ලියනගේ මහතා පැවසීය.
එසේම වලගම වැව ද පිටාර ගලා ඇතැයි ඒ මහතා කීය.
සෙසු ප්‍රධාන ජලාශ වන පල්ලන්ඔය ජලාශය අඩි 27 ක්ද, නාමල්ඔය ජලාශය අඩි15ක්ද, අම්බලන්ඔය ජලාශය අඩි 10ක්ද, එක්ගල්ඔය ජලාශය අඩි18 ක්ද, පන්නල්ගම ජලාශය අඩි 17 ක්ද වශයෙන් පිරී පැවතිබව අම්පාර වාරිමාර්ග කාර්යාලීය නිලවාර්තා පෙන්වා දෙයි.
තත්වය මෙසේ හෙයින් 2019-2020 මාස් කන්නයේ හෙක්ටයාර් 8000 ක පමණ වී වපුරා අවසන්කර ඇති බවත් වී වැපිරීම සඳහා කිසිදු බාධාවක් නොමැති බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
මේවන විට දිස්ත්‍රික්කයේ සෑම ප්‍රදේශයකම වී වපුරා අවසන් කර ඇති නමුත් වැසි හේතුවෙන් කුඹුරුවලට වල්නාශක හා පොහොර යෙදීමට දැඩි ලෙස බාධා පැමිණ ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අන්තර් පළාත් කාර්යාලයේ වී විෂය පිළිබඳ විෂයානුබද්ධ නිලධාරී එච්. ඇම්. සිරිවර්ධන මහතා පැවසීය.