කොටි කාලේ සැඟවු ආයුධ තොගයක් සොයා ගනී


රොමේෂ් මධුෂංඛ
 
මුලතිව් ඔඩ්ඩුසුඩාන් රක්ෂිතයේ සඟවා තිබූ එල්ටීටීඊ  යුද උපකරණ තොගයක්  සොයා ගැනීමට මුලතිව් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීහු සමත්වූහ.


ඔඩ්ඩුසුඩාන් රක්ෂිතයේ කයිවේලි තේරාවිල් ප්‍රදේශයේ දී අදාළ කොටි යුද උපකරණ සඟවා ඇති බවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මුලතිව් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් අදාළ ප්‍රදේශයට ගොස් සිදුකළ සෝදිසි මෙහෙහුමකදී අදාළ යුද උපකරණ තොගය හමු වී තිබේ.


එහිදී සොයා ගත් කොටි යුද උපකරණ තොගය අතර කාලතුවක්කු උණ්ඩ 1ක්, පුද්ගල නාශක බෝම්බ 5 ක්, මිලිමීටර් 81 වර්ගයේ පැරා මෝටාර් 1, මිලිමීටර් 81 වර්ගයේ මෝටාර් උණ්ඩ දෙකයි ක්‍රිෂ්ටි සෙල් මෝටාර් 2 , ආර්.පී.ජී. 1 ක් වෙයි.