(රංජිත් රාජපක්‍ෂ)
මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් අලූතින් ස්ථාපනය කරන ලද කොටගල ප්‍රාදේශීය සභාවේ සභාපතිධුරය හා උප සභාපතිධුරය ලංකා කම්කරු කොංග්‍රසයට හිමිවී තිබේ.
මේ අනුව කොටගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් රාජමනි ප්‍රසාද් මහතා පත් වූ අතර එහි උප සභාපතිවරයා වශයෙන් මුත්තු රාමලිංගමි කාන්ත් මහතාත් තෝරා පත් කර ගැණිනි.
පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද කොටගල ප්‍රාදේශීය සභා සම්මන්ත්‍රණ ශාලාවේදී ප්‍රාදේශීය සභාව රැස්විය. සභාපතිවරයා තෝරා පත් කර ගත යුත්තේ රහස් ඡන්දයකින් ද විවෘත ඡන්දයකින්දැයි කොමසාරිස්වරයා විමසූ අතර විවෘත ඡන්දයක් පැවැත්විය යුතු බව වැඩි දෙනෙක් කීහ. ඒ අනුව විවෘත ඡන්දයකින් සභාපති සහ උප සභාපති තේරී පත් විය.
කොටගල සභාපති උප සභාපති කම්කරු කොංග්‍රසයෙන්
Recommended Articles