කොග්ගලට දියකඩනයක් ඉල්ලා ධීවරයෝ වීදී බසිති



(සුමතිපාල දීයගහගේ සහ නිමල් අල්ගෙවත්ත)


කොග්ගල වෙරළ ආශ්‍රිතව ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයින්ගේ පහසුව සඳහා කොග්ගලට දියකඩනයක් ලබා දෙන ලෙස ඉල්ලා ධීවරයින් විශාල පිරිසක් අද (28) කොග්ගලදී ගාල්ල මාතර මහා මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක් කළහ.


ධීවර යාත්‍රා දෙකක්   මහා මාර්ගය හරහා දැමීම නිසා ගාල්ල මාතර මහා මාර්ගයේ රථවාහන ධාවනයට බාධා සිදුවිය. 
 
එම අවස්ථාවේ හබරාදුව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පැමිණ ධිවර යාත්‍රා දෙක ඉවත් කිරිමට උත්සාහ කළ අවස්ථාවේ ධීවරයින් සහ පොලිසිය අතර උනුසුම් වචන හුවමාරුවක් සිදුවිය. 
 
එහෙත් පොලිසිය විසින් ධීවරයින්ට කරුණු පැහැදිලි කර පාර හරහා දමා තිබූ යාත්‍රා දෙක ඉවත් කොට රථවාහන ධාවනයට මහා මාර්ගයේ එක් මං තීරුවක් නිදහස් කර දෙනු ලැබීය.
 
සමස්ත ලංකා පොදු ධිවර සම්මේලනය සංවිධානය කර තිබූ මෙම උද්ඝෝණයට ධීවරයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ද සහභාගී වුහ.