කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කම්හල් 19ක නිෂ්පාදන කටයුතු අරඹයි


ඩී.ජී.සුගතපාල

කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කම්හල් 19ක නිෂ්පාදන කටයුතු යලිත් ආරම්භ කළ බව කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ අධ්‍යක්ෂ ගාමිණි දහනායක මහතා පැවසිය.

දැනට කොග්ගල කලාපයේ ඇති කම්හල් සංඛ්‍යාව 23 ක් වන අතර ඒවායේ සේවය කරන සංඛ්‍යාව දස දහසකට ආසන්නය.

නිෂ්පාදන කටයුතු ආරම්භ කල කම්හල් 19 සේවය කරන සංඛ්‍යාව හාර දහසකට ආසන්නය.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් විසින් දෙන ලද උපදෙස් අනුව කම්හල්වල නිෂ්පාදන කටයුතු ආරම්භ කල බවද රාත්‍රි වැඩ මුර සේවා නොපැවැත්වෙන අතර කම්හල්වලට අලුතෙන් සේවක සේවිකාවන් බඳවා ගැනිමද තාවකාලිකව නතර කර ඇති බවද ගාමිණි දහනායක මහතා පැවසිය.