කේරළ ගංජා සමඟ සිසුහු තිදෙනෙක් කොටු වෙති



 
 (මොහොමඩ් ආසික්)
 

කේරළ ගංජා මිලිග්‍රෑම් 3000 කට ආසන්න ප්‍රමාණයක් ළඟ තබා ගෙන සිටි පාසල් සිසුන්  දෙදෙනෙකු සහ පාසල් ගමන අවසන් කර ඇති  සිසුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
 
පොලීසියට ලැබුණු තොරතුරක් අනුව  මහනුවර ප්‍රදේශයේ ප්‍රධාන විදුහලක උසස් පෙළ  පන්තියේ ඉගෙනුම ලබන මෙම සිසුන්  දෙදෙනකු  ඔවුන්ගේ මිතුරකු වන පාසල් අවසන් කර ඇති  සිසුවකුද  සමඟ පූජාපිටිය අඹතැන්න  මාර්ගයේදි  කේරළ ගංජා   මිලිග්‍රෑම් 3000කට ආසන්න ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
 
අත් අඩංගුවට ගත් සිසුන් මින් පෙර ප්‍රදේශයේ විහාස්ථානයකට අයත් ජල මෝටරයක් සොරකම් කිරීමේ සිද්ධියකට සම්බන්ධ පෙර වැරදි තිබූ සිසුන් බවත් හෙළි වී තිබේ . 
 
ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 14 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ තිබේ.