(පුෂ්පකුමාර මල්ලවආරචචි)
මළ ගෙදරක යෑමට ඉල්ලාගත් නවීන පන්නයේ මෝටර් රියකින් රුපියල් දස ලක්ෂයක් පමණ වටිනා කේරළ ගංජා ප‍්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙකු වීදියවත්ත ප‍්‍රදේශයේ පොලීස් මාර්ග බාධකයකදී අද (6) අත්අඩංගුවට ගත් බව වීරගුල පොලීසිය කියයි.
කැළණිය ප‍්‍රදේශයේ පදිංචි මෙම සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 22 සහ 29 වියේ පසුවන දෙදෙනකි.
ඥාතියෙකුගේ මෝටර් රථය මළ ගෙදරක යාමට යැයි පවසා මෝටර් රථය ඉල්ලාගෙන ඇති අතර ගංජා තොගය ත‍්‍රීකුණාමලය පුදේශයේ ගැනුම් කරුවෙකු වෙත රැගෙන යමින් සිට ඇති බවට මූලික පොලීස් පරීක්ෂණ වලදී අණාවරනය වී ඇත.
පොලිසිය රථයපරීක්ෂා කරද්දී එක් අයෙකු තම පෙම්වතිය හමුවීමට යන බව පවසා පොලිසිය මග හැර යාමට උත්සාහ ගෙන ඇතැයිද පොලිසිය කියයි.
ඒ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් මෝටර් රථය පරීක්ෂා කිරීමේදී මෙම ගංජා තොගය මොටර් රථයේ ඉදිරි පස ආසන දෙක අතරේ කබායකින් ඔතා තිබියදී හමුවී ඇත.