( සිතුම් චතුරංග)
යාපනය සිට මහියංගණය දක්වා රුපියල් ලක්ෂ පහක් වටිනා කේරළ ගංජා කිලෝ හතරයි ග‍්‍රෑම් 12 රැගෙනයමින් සිට මහියංගනය අධිකරණ සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියකු හා තවත් අයකු අද (24) දහවල් අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි.
අත්අඩංගුවටගත් කේරළ ගංජා මහියංගණ විහාරයේ පෙරහැර පැවැත්වෙන දිනයේ පැමිණෙන බැතිමතුන් හට අලෙවි කිරීමසඳහා රැගෙනයමින් තිබූ බවට තොරතුරු අනාවරණයවූ බව පොලිසිය පැවසීය.
කේරළ ගංජා ජාවාරමක් පිළිබඳ වවුනියාව දුෂණ මර්දන අංශය වෙත ලැබුණ පැමිණිල්ලකට අනුව යාපනය සිට කොළඹ දක්වා ධාවනයවු පෞද්ගලික බස්රථයක් පරීක්ෂා කිරීමේදී සැකකරුවන් දෙදෙනා සහ කේරළ ගංජා තොගය අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනා පෙරහැර නැරඹීම සඳහා පැමිණෙන බැතිමතුන්ට විවිධ මත්ද්‍රව්‍ය අලෙවිකරන්නන් බවත් ඔවුන් මීට ඉහත අවස්ථා ගණනාවකදී උතුරේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් කේරළ ගංජා මහියංගනය වෙත රැගෙනගොස් ඇති බවද සඳහන් කළේය.
පොලිසිය පැවසූයේ මහියංගණ අධිකරණ සංකීර්ණයේ සේවයේ නියතු සැකකරු පෞද්ගලික ආරක්ෂක අංශයකට අනුයුක්තව සේවය කරන බවයි.
සැකකරුවන් දෙදෙනා මහියංගනය ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 33ත් 29 අතර වයසේ පසුවන්නෝ වෙති.