කේරළ ගංජා ග්‍රෑම් 350ක් සමඟ පුද්ගලයකු අත් අඩංගුවට


ජයරත්න වික්‍රමාරච්චි
 
පුත්තලම - අනුරාධපුර මාර්ගයේ කරුවලගස්වැව අටේ කණුව ප්‍රදේශයේ දී අද (12)  හදිසි මාර්ග බාධයක් යොදා සිදු කළ වැටලීමක දී කේරළ ගංජා ග්‍රෑම් 350ක් සමඟ යතුරුපැදියක් සහ සැකකරුවෙකු අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලීසිය කියයි.

 
සාලියවැව නීලබැම්ම ප්‍රදේශයේ පදිංචි විවාහකයෙකු බව පැවසෙන සැකකරු ආබාධිත විශ්‍රාමික යුද හමුදා සෙබළෙකු බවට මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී තිබේ.
 
සැකකරු රුපියල් 46,000ක් ගෙවා මෙම ගංජා තොගය පුත්තලම ප්‍රදේශයෙන් මිල දී ගෙන සාලියවැව ප්‍රදේශයට රැගෙන යමින් තිබී ඇති බවට මූලික පොලිස් විමර්ශන වැඩිදුරටත් අනාවරණය කරයි.
 
කරුවලගස්වැව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.ඩී.එස්. ජයලත් මහතා ඇතුළු පොලිස් නිලධාරීහු පිරිසක් සිද්ධිය සම්බන්ධයේ විමර්ශන සිදු කරති.