(ප්‍රසන්න පත්මසිරි)
මහියංගන කෙසෙල්පොත යාය 12 ගම්මානයේ ජනතාව සහල් කිලෝ 2250 ක් මහනුවර නාවලපිටිය පස්භාග කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අඩු ආදාම්ලාභී පවුල් වලට බෙදාදීම සඳහා පරිත්‍යාග කළ බව කොසල්පොත අභිනවාරාම විහාරස්ථානයේ විහාරාධිපති රිටිගහරාවේ ජිනානන්ද හිමියන් පැවසුහ.
පස්භාග කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරී සුභ සාධක සංගමය හරහා වසම් 29 කඅඩු ආදායම්ලාභී පවුල් වලට සහල් බෙදදීමට නියමිත බව එම සංගමයේ භාණ්ඩාගාරික ටී.එස්.එස් අත්තනායක මහතා පැවසීය.
සහලින් ස්වයංපෝෂිත කෙසෙල්පොත ගම්මානයේ ජනතාව එක්ව ගම්මානයෙන්ම සහල් එකතුකර මෙම පරිත්‍යාගය සිදුකර තිබිණි.