(පුෂ්පකුමාර ජයරත්න)
කුරුණෑගල වැවේ පැරණි සොරොව්ව ආසන්නයේ තිබී අද(03) මිනිස් හිස් කබලක් හමුවූ බව කුරුණෑගල පොලීසිය කියයි.
මේ දිනවල පවතින නියඟයත් සමග කුරුණෑගල වැවේද ජලය තරමක් සිඳී තිබීම හේතුවෙන් වැවේ තාවුල්ල කොටස පවිත්‍ර කිරීමට ගිය කුරුණෑගල මහා නගර සභා සේවකයින් පිරිසකට මෙම හිස්කබල හමුවී ඇත.
දිරාගිය ගමන් මල්ලක් සහ සපත්තුවක්ද ඒ අසළ තිබී හමුවී තිබේ.
මෙම හිස්කලබ ඝාතනය කරන ලද පුද්ගලයකුගේ විය හැකි බවට පොලීසිය සැක කරයි.
කුරුණෑගල පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.