කුරුණෑගල බොරලු කැපීමේ ස්ථානයක් වටලයි


කුරුණෑගල රත්කරව්ව ප්‍රදේශයේ බලපත්‍ර රහිතව අනවසරයෙන්  පවත්වාගෙන ගිය මහා පරිමාණ බොරΩළු  කැපීමේ ස්ථානයක් වැටලීමට කුරුණෑගල විශේෂ කාර්ය බලකා නිලධාරීන් පෙරේදා සමත් විය.

වැටලීම සිදු කරන අවස්ථාවේදී එහි තිබී ටිපර් රථ 3ක්, බැකෝ යන්ත්‍ර 2ක් සමග පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමට විශේෂ කාර්ය බලකාය කටයුතු කර ඇත.

මෙම වැටලීම සදහා මුලිකත්වය ගත්  කුරුණෑගල ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂක නීති× එච් එම් අබේරත්න මහතා පැවසුවේ මෙය විශාල වශයෙන් රජයට ලැබිය යුතු ආදායම අහිමි කිරීමක් හා රටේ අනාගතය හා පරිසරය විනාශ කිරීමක් බවයි.