කුරුණෑගල - පුත්තලම මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක්


(පුෂ්පකුමාර ජයරත්න)
දැඩිලෙස අබලන්ව පවතින කුරුණෑගල යන්තම්පලාව සිට සුන්දරපොළ හරහා වැවගෙදර දක්වා මාර්ගය අලුත්වැඩියා නොකරන බව කියමින් ප්‍රදේශවාසීහු අද (27) කුරුණෑගල - පුත්තලම මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක් කළහ.
උද්ඝෝෂණය හේතුවෙන් පැය දෙකක පමණ කාලයක් මාර්ගයේ ගමනාගමනයට බාධා ඇතිවිය. පොලිසිය උද්ඝෝෂකයින් මාර්ගයෙන් ඉවත් කිරීමට උත්සාහ කළ ද එය සාර්ථක නොවීය.