කුඹුක් අත්තක් හිස මතට කඩා වැටී ජල පාලකවරයකු මියයයි


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම වාරි මාර්ග අධ්‍යක්ෂ කාර්යාලයට අනුයුක්තව සේවය කරමින් සිටි ජල පාලකවරයකු දිරා ගිය කුඹුක් අත්තක් හිස මතට කඩා වැටීමේන් අද (17 ) මරණයට පත්ව ඇති බව කරුවලගස්වැව පොලිසිය පවසයි.

මරණයට පත්ව ඇත්තේ තබ්බෝව තේවනුවර පදිංචි 58  හැවිරිදි ඩබ්ලියු .ඒ.පියසිරි නැමති සිව් දරු පියකු බව පොලිසිය කියයි.

මරණයට පත්ව ඇති ජල පාලකවරයා පුත්තලම වාරි මාර්ග අධ්‍යක්ෂ කාර්යාලයට අනුයුක්තව තබ්බෝව ජලාශයේ ජල පාලකවරයකු ලෙස වසර 15 කට කාලයක් සේවය කළ අයෙකු බවත් තබ්බෝව ජලාශය යටතේ පමණක් වසර 40 කට ආසන්න කාලයක් සේවයේ රැඳි සිටි සේවකයකු බවද කියයි.