කුඹුක්- කළුවර දැව ජාවාරමක් වටලයි


ඩබ්.ඒ. පියතිලක
 
මැදිරිගිරියේ සිට කොළඹ ප‍්‍රදේශයට දහයියා රැගෙන යන මුවාවෙන් කරගෙන ගිය කුඹුක් සහ කළුවර  ජාවාරමක්  අද (17) අලුයම මැදිරිගිරිය පොලිසිය විසින් වටලනු ලැබීය.


ලොරි රථයක් හා දැව තොගය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මැදිරිගිරිය පොලිසිය කියයි.


මැදිරිගිරිය පොලිස්ථානාධිපති වසන්ත පිටිගල මහතාට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර ඇත.


මෙම දැව තොගය මැදිරිගිරියේ ඇටඹඔය ප‍්‍රදේශයේ සිට කොළඹ කදාන ප‍්‍රදේශයට රැගෙන යන බව සැකකරුගෙන් ප්‍රශ්න කිරිමේ දී අනාවරණය විය.