(මොහොමඩ් ආසික්)
මහනුවරට ඇද හැළුණ අධික වර්ෂාව හේතුවෙන් මහනුවර මහයියාවේ කානුවක් පිටාර ගලා නිවාස පහක් තුලට ජලය ගලා යාම නිසා එම නිවාස වලට අලාභ හානි සිදු විය.
නිවසේ පිටුපසින් ඇතුළට ආ ජල කද ඉදිරිපසින් ගලා යනු දක්නට ලැබිණි.
හදිසියේම නිවෙස් තුලට ජලය ගලා ඒම නිසා නිවසේ තිබූ ආහාර ද්‍රව්‍ය ඇතුළු බොහෝ දෑ විනාශ වී ගිය බවද එම නිවැසියෝ කීහ.





