මොහොමඩ් බුහාර්ඩින්
ගලේවෙල නිවසක කුඩු අලෙවි කරමින් සිටි සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය ගලේවෙල පොලිස් නිලධාරි කණ්ඩායමකට මත්කුඩු ජාවාරම්කරු හා පිරිසක් කළ පහර දීමෙන් පොලිස් කොස්තාපල් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ගලේවෙල හා දඹුල්ල මුලික රෝහලවලට ඇතුළත් කර ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.
ඊයේ (30) රාත්‍රීයේ ගලේවෙල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලංග ප‍්‍රනාන්දු මහතාට ලැබුණු තොරතුරකට අනුව දුෂණ මර්දන අංශයේ නිලධාරින් පිරිසක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.
සැකකරු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ විටදී සැකකරු හා තවත් පිරිසක් එක්වී පොලිස් නිලධාරින්ට පොලූ මුගුරු වලින් පහරදී පලා ගොස් තිබේ.
තුවාල ලැබු ගලේවෙල පොලිසියේ කොස්තාපල්වරු දෙදෙනා ගලේවෙල දිසා රෝහලට ඇතුළත් කිරිමෙන් පසු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා එක් කොස්තාපල්වරයකු දඹුල්ල මුලික රෝහලට මාර කර යැවු බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
සැකකරුවන් අද (31) දඹුල්ල මහේස‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.