හිරාන් ප්‍රියංකර ජයසිංහ
කීඩෑ හානියට ලක්වූ කුඹුරු සඳහා වහාම වන්දි ලබා දීමට අදාළ තොරතුරු සූදානම් කරන ලෙස තමා කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ ඉහළ නිලධාරීන්ට දැන්වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
පොළොන්නරුව, අම්පාර ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා වන්දි ලබා දීමට මේ වන විට කැබ්නට් අනුමැතියට යොමු කර ඇති බව ඇමැතිවරයා අද (12) පැවසීය.
මේ අනුව පසුගිය යල කන්නයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අක්කර 4300ක් කීඩෑ හානියට ලක්ව තිබූ බවත් අම්පාර හා පුත්තලම යන දිස්ත්‍රික්කවල කීඩෑ හානියට ලක්ව ඇති භුමි ප්‍රමාණය කෘෂිකර්ම නිලධාරීන් ගණන් බලමින් සිටින බවත් පැවසීය.
පසුගිය යල කන්නයේ පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුව කොට්ටුකච්චිය කුඹුරු අක්කර 500ක් පමණ කීඩෑ හානි සිදුව තිබුණත් ගොවීන් පවසා සිටියේ ඒ සඳහා කිසිදු පෝරමයක් තමන්ට ලැබී නොමැති බවයි.