සිතුම් චතුරංග
කිලිනොච්චිය අක්කරායන්කුලම වැව් රක්ෂිතයේ බැකෝ යන්ත‍්‍ර ආධාරයෙන් නීතිවිරෝධී ලෙස වැලි ගොඩදමමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගත් බව අක්කරායන්කුලම පොලිසිය කියයි.
නීතිවිරෝධී අයුරින් වැව් රක්ෂිතයන්ට හානි කරමින් වැලි කැණීම් සිදුකරන ජාවාරමක් පිළිබඳ අක්කරායන්කුලම පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
වැලි පැටවූ ට‍්‍රැක්ටර් රථ හතරක්, ටිපර් රථයක් හා බැකෝ යන්ත‍්‍රයක් ඇතුළු වැලි ගොඩදැමීම සඳහා භාවිතා කළ උපකරණ තොගයක් පොලිස් බාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කිලිනොච්චිය,පලෙයි හා අක්කරායන්කුලම ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 22 ත් 30 අතර වයසේ පසුවන්නෝ වෙති.