කිලිනොච්චියේ කුඹුරු අක්කර 1800කට ජලය නෑ


(රොමේෂ් මධුෂංඛ)

කිලිනොච්චිය පරන්තන් ඉරාසයන්කුලම් වැවේ ඇළවේලි නිසි ලෙස ප්‍රතිසංස්කරණය නොකිරීම නිසා එම වැව යටතේ වගාකළ කුඹුරු අක්කර 1800 කට පමණ ජලය ලබාගැනීමට නොහැකි වී ඇති බව කිලිනොච්චිය පරන්තන් ගොවි සංවිධානය කිලිනොච්චිය වාරිමාර්ග කාර්යාලයට පැමිණිලි කොට තිබේ.

පසුගිය වසරේ මෙම රාසනාලන්කුලම වැවේ ඇළවේලි සම්පූර්ණයෙන්ම් ප්‍රතිසංස්කරණය කළ බව පවසන ගොවි සංවිධාන නියෝජිතයෝ ඇළවේලි ප්‍රතිසංස්කරණය කිරීමට පෙර පරන්තන් පළාතේ ගොවීන් සිය කුඹුරුවලට කිසිඳු අපහසුවකින් තොරව ජලය ලබගත් බව කියා සිටියහ.

නමුත් ඇළවේලි ප්‍රතිසංස්කරණය කිරීමේදී කුඹුරු වලට ජලය ලබා ගැනීම සඳහා ඇනිකට්, දිය පැන්නුම් කිසිවක් ඉදි නොකොට හොරොව්වේ සිට ඊළග වැව දක්වා විශාල ඇළක් පමණක් ඉදිකොට තිබීම නිසා මේ තත්ත්වය උදා වී ඇති හෙයින් අදාල ඇළෙන් විවිධ උපක්‍රම යොදා ජලය ලබා ගැනීමට යාමේදී දුෂ්කරතා රැසකට මුහුණ දෙන බවට පරන්තන් පළාතේ ගොවියෝ කියා සිටිති.

කෙසේ වෙතත් ගොවීන්ගේ අදාල ගැටලුව සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදු කරන බවටද කිලිනොච්චිය වාරිමාර්ග කාර්යාලය විසින් ගොවීන්ට දැනුම් දි ඇතත් මේ දක්වා විසඳුමක් ලැබී නොමැත.