(රොමේෂ් මධුෂංඛ)
කිළිනොච්චිය පොදු වෙළෙඳසල දේශපාලන ප්‍රචාරක වැඩ කටයුතු වලට යොදා ගැනීමෙන් වළක්වා දෙන මෙන් කිළිනොච්චිය පොදු වෙළෙඳසල් වෙළෙඳ සංගමය දිසාපතිගෙන් ඉල්ලීමක් කර තිබේ.
මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී සිටින සෑම අපේක්ෂකයක්ම සිය ප්‍රචාරක කටයුතු සඳහා කිළිනොච්චිය පොදු වෙළෙඳසල යොදා ගැනීම නිසා එහි වෙළඳුන්ට නිදහසේ තම වෙළදාම් කිරිමට නොහැකි බවත් දේශපාලන කටයුතුවලට යොදා ගැනීමෙන් වෙළඳසල් අපවිත්‍ර වීමත් පාරිභෝගිකයින් නොපැමිණීමෙන් තමන්ගේ ආර්ථිකයටද බලපෑම් එල්ල වන බව වෙළෙඳ සංගමය කිළිනොච්චිය දිසාපති සුන්දරම් අරුමේනායගම් මහතා වෙත ලිපියක් අද (12) උදෑසන බාර දුන්නේය.