(කවිතා සුබසිංහ)
කිරිබත්ගොඩ, ඊරියවටිය මාර්ගයේ පිහිටි වෙළදසැල් කිහිපයක් ඇති වූ හදිසි ගින්නකින් විනාශ වී ඇතැයි කිරිබත්ගොඩ පොලිසිය පවසයි.
ඊරියවැටිය මාර්ගයේ පිහිටි ප්ලාස්ටික් භාණ්ඩ අළෙවිසැලක ඊයේ රාත්‍රී 11 ට පමණ මුලින්ම ගින්න හට ගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.
ගින්නෙන් ප්ලාස්ටික් භාණ්ඩ අලෙවිසැලට මෙන්ම ඊට ආසන්නයේ පිහිටි පළතුරු අලෙවිසැලකට හා තවත් වෙළෙසැලකට අලාභ හානි සිදුව ඇතැයි සදහන් වේ.
ගින්නෙන් ජීවිත හානි සිදුව නොමැති බවද පොලිසිය පැවසීය.
කිරිබත්ගොඩ පොලීසිය,ගම්පහ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පැවැත්වීමට කටයුතු කළ බවද පොලිසිය පවසයි.
කිරිබත්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.