(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
මිල්කෝ සමාගමට අයත් කොටගල දියර කිරි සැපයීමේ මධ්‍යස්ථානයට කිරි සපයන කිරි ගොවීන් අද (02) එම මධ්‍යස්ථානය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූහ.
උද්ඝෝෂකයින් මෙහිදී කියා සිටියේ මිල්කෝ සමාගමට අයත් කොටගල දියර කිරි එකතු කරන මධ්‍යස්ථානයට කිරි සපයන තමන්ට මාසසයක පමණ කාලයක සිට තම නිෂ්පාදන සඳහා ගෙවීම් කර නොමැති බවත් එම ගෙවීම් නිසි පරිදි නියමිත දිනට ලබා දිමට වහා පියවර ගන්නා ලෙස පාලනාධිකාරියට බල කරමින් මෙම උද්ඝෝෂණය දියත් කළ බවත්ය. මෙම අවස්ථාවට කිරි ගොවීන් 30ක පමණ පිරිසක් එක්ව සිටියහ.
කිරි ගොවීන් කොටගල දී විරෝධතාවයක
Recommended Articles