(සුමතිපාල දීයගහගේ)
ගාල්ල නගරයේ ආපනශාලා 21 පරික්ෂා කළ මහජන සෞඛ්‍ය පරික්ෂකයින් කණ්ඩායමක් මිනිස් ආහාරයට නුසුදුසු ආහාර විකිණීම ඇතුලු තවත් චෝදනා රැසකට සම්බන්ධ ආපන ශාලා නවයක් අද (22) වටලා ඇති බව පොලිසිය පවසයි.
ගාල්ල ගාමිණී මාවත, වක්වැල්ල පාර සහ ජූල්ගස් හන්දිය යන ප්‍රදේශවල කරන ලද මෙම වැටලීමේදී එකම ශීතකරණයේ අමු මස් සමඟ අයිස්ක්‍රීම් ඇතුලු ආහාර ගබඩාකර තැබීම අපිරිසිදු භාජනවල ආහාර ගබඩා කිරිම, කල් ඉකුත්වූ ආහාර ශීතකරණයේ විකිණිම සඳහා ගබඩා කිරීම, බල්ලන් බළලුන් වැනි සතුන් ආහාර සකස් කරන ස්ථානවල තබා ගැනීම, ආහාර විවෘතව තබා ගෙන විකිණීම, සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවු පුද්ගලයින් සේවයට යොදවා ගැනීම යන චෝදනා යටතේ මොවුන්ට විරුද්ධව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට නියමිතය.