කෑගල්ල පාසල් දරුවන්ට ටැබ් පරිගණක බෙදාදෙයි


කෑගල්ල අධ්‍යාපන කලාපයේ පාසල් 19ක් සඳහා ටැබ් පරිගණක බෙදාදීම  සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

මෙම ප්‍රදානය කෑගල්ල කලාප කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවති අතර, එදින සිසුන් 1032 කට  සහ ගුරුභවතුන් 123 කට ටැබ් පරිගනක පද්ධති බෙදා දීම සඳහා විදුහල්පතිවරුන් වෙත ඒවා ලබා දිම මෙදින සිදුවිය.

මෙදින අදහස් දැක්වූ  සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පැවසූයේ, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික් දෙකේ පාසල්  ආරම්භ  කිරීමට පෙර පාසල් ගුරුභවතුන් සහ කාර්යය මණ්ඩල සඳහා සයිනොෆාම් එන්නත ලබා දෙන බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා පැවසුයේ, කෑගල්ල දිස්ත්‍රික්කය සඳහා නව ජාතික පාසල් 32 ක් ආරම්භ කරන බවය.