කැමා කමිසයකින් සැරසී සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයෙක් අත්අඩංගුවට


(පාලිත ආරියවංශ) 
 
බදුල්ල ශාන්ත මාර්ක් දේවස්ථානයේ  අද(28) ඉරිදා උදෑසන  විශේෂ දේව මෙහෙය පැවැත්වෙමින් තිබියදී   කැමා කමිසයකින් සැරසී දේවස්ථානය ඉදිරියෙන් සැකකටයුතු ලෙස ගමන් කරමින් සිටි පුද්ගලයකු තරණයේ යුද හමුදා සාමාජිකයන් විසින් අත්අඩංගුවට ගෙන බදුල්ල පොලිසියට බාරදී තිබේ. 
 
සැකකරු සන්තකයේ හැඳුනුම්පතක් නොතිබූ බවද පොලිසිය පවසයි.
 
බදුල්ල පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කරමින් පවතී.