කැබිතිගොල්ලෑව ප්‍රා සභාපති පොහොට්ටුවෙන්



 
දයාරත්න ඇඹෝගම  
 
කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ බලය ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද (26 )සමත් විය. 
 
පැවති පළාත්පාලන මැතිවරණයේදී කිසිම පක්ෂයකට සියයට පනහක බලයක් ලබා ගැනීමට නොහැකි වීම නිසා අද (26)  පෙරවරුවේ  පළාත්පාලන නියෝජිතයන් අතර පැවති ඡන්ද විමසීමේදී වැඩි ජන්ද එකකින් ජයග්‍රහණය කිරීමට  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් විය .
 
පැවති මැතිවරණයේදී ශ්‍රීලංකා පොදුජන පෙරමුණෙන් නියෝජිතයන් අට දෙනකු ද,  එක්සත් ජාතික පක්ෂයෙන් නියෝජිතයන් පස් දෙනකු ද,   ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නියෝජිතයන්  දෙදෙනකුද, මුස්ලිම් කොන්ග්‍රසයෙන් සහ ජනතා විමුක්ති පෙරමුණෙන් එක් මන්ත්‍රීවරයකු බැගින් ද තේරී පත් විය. කිසිම පක්ෂයකට සියයට පනහක ඡන්ද  ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි විය . 
 
මේ නිසා  සභාපතිවරයා  තෝරා පත් කරගැනීමට ඡන්දයක් පැවැත්වීමට සිදු විය.  
 
ඒ අනුව කැබිතිගොල්ලැව සභපති වරයා ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ  පි.මංජුල ටිකිරිබණ්ඩාර  හා උප සභපති ලෙස එම පක්ෂයේම කිර්ති සේනානායක මහතා තේරී පත්විය.