(රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය, පූනකරි රෝහල් අධ්‍යක්ෂක වරයාට අයත් වාහනයක් අනතුරට ලක්වීමෙන් ඔහුගේ මව හා කැබ් රථය පැදවූ සහෝදරයෙකු තුවාල ලබා දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව කිලිනොච්චිය පූනකරි පොලීසිය පවසයි.
පූනකරී පොලීසිය පැවසූවේ කැබ් රථයක් යාපනය සිට පූනකරී දක්වා ගමන් කිරීමේදී පාලමක් ආසන්නයේදී වේගය පාලනය කර ගැනීමට නොහැකිවී මාර්ගයෙන් ඉවත පැන පෙරලී ගොස් ඇති බවටයි.
තුවාල ලැබුවන් ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කර ඇත.