කැබ් රියකට හැපී අගුණකොලපැලැස්සේ අයෙක් මරුට


සුමතිපාල දීයගහගේ  
 
අගුණකොලපැලැස්ස සතිපොළට පිවිසීමට ඇති අතුරු මාර්ගයකදී කැබ් රථයක හැපීමෙන් බරපතල තුවාල ලැබු පාරේ ගමන් කළ මගීයකු මිය ගිය බව පොලිසිය පවසයි.


මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ අගුණකොලපෑලැස්ස හැඩකැටිය පදිංචිව සිටි කහද කනත්තගේ සමගිසේන (75) නැමැති අයෙකි. 


එම අතුරු මාර්ගයේ දී කැබ් රථය පසු පසට ධාවනය කිරිමේදි පදිකයා යට කර බරපතල තුවාල සිදු කළ කැබ් රථය පලා ගොස් තිබිණි.


එහෙත් ඒ අසල ඇති සීසීටිවී කැමරා දර්ශන ඔස්සේ පරික්ෂණ පවත්වා අනතුරට සම්බන්ධ කැබ් රථය සහ එහි රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.