(කේ බුද්ධික කුමාරසිරි )
මහා පරිමාණ ජල බෝතල් නිෂ්පාදන ආයතනයකට අයත් බව කියන හංවැල්ල ජල්තර ප‍්‍රදේශයේ පිහිටි ඉඩමක විශාල භූගත නල ළිඳක් ඉදිකිරීමට විරෝධය පා ප්‍රදේශවාසීහු අද (20) කැකුලන්විල මංසන්ධියේදී විරෝධතාවයක් ඇරඹුහ.
වසර 15 ක පමණ සිට අදාළ පෞද්ගලික සමාගම මගින් දිනකට ජල ලීටර් ලක්ෂ පහක පමණ ප‍්‍රමාණයක් තම ප‍්‍රදේශයෙන් කර්මාන්ත ශාලාව දක්වා රැගෙන යන බවත් ඒ හා සැසැදීමේදී යෝජිත නව භූගත නල ළිඳ ඉදිකිරිම කළහොත් තම ගම්වල සියලු ළිං වසා දැමීමට සිදු වන බව ඔවුහු පවසති.