කැකිරි වලට නිසි මිලක් නැති වීමෙන් ගොවියා අසීරුවට


(දයාරත්න ඇඹෝගම)

පසුගිය මාස් කන්නයේ පැවති දැඩි නියගය හමුවේ  කැකිරි වගා කළ ගොවින්ගේ කැකිරි අස්වැන්න සරුසාර වුවද ඒ සඳහා වෙළඳපලේ සාධාරණ මිලක් නොමැති නිසා ගොවීහු අසරණ වී සිටිති.

කැකිරි කිලෝවක්  රුපියල් පහකටවත් අලෙවි කර ගැනීමට නොහැකි වීමෙන් අස්වැන්න නෙලා ගැනීම අත්හැර  දමා තිබේ.

අස්වැන්න සාධාරණ මිලකට අලෙවි කිරිමට නොහැකි වීමෙන් කැකිරාව,මොරගොඩ,අමුණකොලේ, මානන්කට්ටිය, උණාගොල්ලෑව,යකල්ල,හුරුළුවැව වැනි ප්‍රදේශවල මෙසේ කැකිරි වගාව අතහැර දැමීමෙන් ඒවා කුණුවෙමින් පවතී.

අහස් ජලය නොමැතිව වගා ළිං වල ජලය යොදා ගනිමින්  වන අලින්ගෙන් ආරක්ෂා කර ගනිමින් මහත් වෙහෙසක් දරා වගා  කළ කැකිරි වගාවට වෙළඳපොලේ මිලක් නොමැතිකමින්  මෙසේ වගාවන් අත්හැර දැමීමට සිදුවීම ගොවියාට විශාල පාඩුවකි.