කාසල් රෝහලට ත්‍රිරෝද රථයක් පරිත්‍යාග කරයි


(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ ප්‍රයෝජනය සඳහා එහි රෝහල් කමිටුවේ පුර්ණ අනුග්‍රහයෙන් ත්‍රිරෝද රථයක් පරිත්‍යාග කිරීම, සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රෝහල් පරිශ්‍රයේ දී අද  (13) පැවැත්විණ.

රෝහල් කමිටුවේ සභාපතිනි චිත්‍රානි අබේසුන්දර මහත්මිය සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත නිල වශයෙන් ත්‍රි රෝද රථය භාර දුන්නාය. 

රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ, රෝහල් කමිටුවේ සාමාජික සාමාජිකාවන් වන ඩබ්ලිව්.ආර්.විජේරත්න කේ.ඒ.චන්ද්‍රපාල, එම්.ඒ.අස්ලම්, දීපා දේවි යන මහත්ම මහත්මීහු ද  මේ අවස්ථාවට එක්වුහ.