කාර් රථයක් දුම්රියේ ගැටී අයෙක් මරුට


(රොමේෂ් මධුෂංඛ)

යාපනය අරියාලෙයි ප්‍රදේශයේදී අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී කාර් රථයක් ධාවනය කිරීමට ගත් උත්සහයකදී කාර් රථය දුම්රියේ ගැටීමෙන් එක් අයෙකු අද (15) මිය ගොස් ඇති බව අරියාලෙයි පොලීසිය කියයි.

අරියාලෙයි නෙලුක්කුලම් ප්‍රදේශයේ පිහිටි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී අදාල කාර් රථය ගමන් කිරීමට ගත් උත්සහයකදී කොළඹ සිට යාපනය දක්වා ගමන්ගත් නගරාන්තර සීග්‍රගාමී දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලීසියට තොරතුරු අනාවරනය වී ඇත.

දුම්රිය හරස් මාර්ගයේදී ගමන් කිරීමට උත්සහ දැරු කාර් රථය දුම්රියේ ගැටී අඩි 100 ක් පමණ දුරට ඇදී ගොස් ඇති අතර කාර් රථය එහිදී සම්පූරණයෙන්ම විනාශ වී එහි ගමන් ගත් පුද්ගලයාද එම ස්ථානයේදීම මිය ගොස් ඇති බව අරියාලෙයි පොලීසිය පැවැසීය.

අනතුරින් මිය ගොස් ඇත්තේ යාපනය අලවෙඩ්ඩි ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි ටී.ජෙගනාදන් නැමති දෙදරු පියෙකු බවට වැඩිදුර පරික්ෂණ සිදු කරන අරියාලෙයි පොලීසිය විසින් හඳුනාගෙන ඇත.