(ප්‍රසන්න පත්මසිරි)
බදුල්ල, මීගහකිවුල ප්‍රදේශයේ වෙළඳසැලකට පැමිණි පිරිසක් එහි කාන්තාවන් දෙදෙනෙකුට පහරදී ඇතැයිද, සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.
සිද්ධියෙන් වෙළඳසැල් හිමිකරුගේ බිරිඳ වන එච්.එම් ඉංදිකා තුෂාරි(47) සහ මව වයි.එම් ලීලවතී (73) යන දෙදෙනා රෝහල් ගත කර තිබේ.
ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශකිරීමේදී එක්තරා පක්ෂයකට ඡන්දය දීම සම්බන්ධයෙන් මෙම පහරදීම වී ඇති බව පොලිසිය කියයි.
ගම්මානයේ පිරිසක් අධික ලෙස බීමත්ව කෑකෝ ගසමින් පැමිණ පොලුවලින් සිය බිරිඳට හා මවට පහරදුන් බව වෙළදසැල් හිමිකරු පැවසීය.
බදුල්ල පොලීසිය පරීක්ෂක පවත්වයි.