කාන්තාවක් මරණයට පත්කර පලාගිය මෝටර් රථ රියදුරු අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
හොරණ මුනගමදී වයෝවෘද්ධ කාන්තාවක් මරණයට පත්කරමින් මෝටර් රථ අනතුරක් සිදුකර පලාගිය පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව හොරණ පොලිසිය පවසයි.
 
අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රධානපෙළේ හෝටලයක වැඩ පරීක්ෂකවරයකි.
 
අනතුරින් මිය ගොස් ඇත්තේ හොරණ දික්හේන පදිංචිව සිටි අසරප්පුලිගේ සිරියාවතී 72 හැවිරිදි දෙදරු මවකි.
 
වියපත් කාන්තාව මුනගල ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝව ඉදිරිපිට ඇති පදික මාරුව ආසන්නයෙන් මාර්ගය හරහා ගමන් කරමින් සිටියදී රත්නපුර දෙස සිට හොරණට පැමිණෙමින් තිබූ මෝටර් රථයේ ගැටී මෙම අනතුර සිදු ඇතැයි පොලිසිය පවසයි.
 
මෝටර් රථයේ ලියාපදිංචි අංකය ඔස්සේ කළ පර්යේෂණ අනුව සැකකරු අත්අඩංගවට ගෙන ඇත.
 
අත්අඩංගුවට ගත් සැකකරු හොරණ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.