කාන්තාවකගේ සිරුරක් පාළු නිවසක


(ප්‍රසාද් රුක්මල් )

බදුල්ල- මහියංගණ පාරෙ  පාලු නිවසක් තුළ තිබූ සැකකටයුතු  කාන්තා මළසිරුරක් අද (25) පස්වරුවේ සොයා ගත් බව බදුල්ල පොලිසිය පවසයි .

නිවසේ කාමරයක ඇදක් මත තිබූ මෙම වයෝවෘද්ධ  කාන්තා මළසිරුර  සොයා ගන්නා විටත් බෙහෙවින් නරක්වී දුගඳ හමමින් තිබු බව පොලිසිය කීය .

අවුරුදු 75-80 පමණ වයසැති මෙම කාන්තා මළසිරුර ලැබුණු තොරතුරක් මත සොයාගත් බව පොලිසිය පැවසීය .

මැය පමණක් මෙම නිවස තුළ තනිව සිට ඇති  බjත් ,මෑතදී මැය නිවසේ  සිටිනු නොදුට නිසාවෙන් අවට වැසියන් පොලිසියට දුන් තොරතුරක් මත බදුල්ල පොලිසියේ නිලධාරීන් පිරිසක් අද (25) පස්වරුවේ නිවසට ගොස් පරික්ෂා කිරීමේදී නිවසේ කාමරයේ ඇදක් මත තිබූ නරක්වී දුගඳ හමමින් තිබු කාන්තා මළසිරුර සොයා ගත් බවද පොලිසිය සදහන් කළේය .

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් ,මෙය ඝාතනය කලාද නැතිනම් වෙනත් අසනීපයකින් මියගියේද යන්න සොයා පරික්ෂණ පවත්වන බව පොලිසිය පවසයි .