හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ජයරත්න වික්‍රමාරච්චි
කොට්ටුකච්චිය කිවුල ප්‍රදේශයේ කාන්තාවක් මරා දැමු මිනීමරු ඇතා අද (2) පුත්තලම කල්අඩිය ප්‍රදේශයේ දී වනජීවී නිලධාරින් නිර්වින්දනය කර අල්ලා ගත් බව කියයි.
අවුරුදු 35 පමණ වයසක් ඇති මෙම ඇතා අඩි නවයකට ආසන්න උසකින් යුත් අතර දළ යුගල අඩි හතරකට ආසන්න දිගකින් යුක්ත බවද වනජීවී නිළධාරින් පවසයි.
මෙම ඇතා පසුගිය 29 වැනි දා රාත්‍රීයේ කොට්ටුකච්චිය කිවුල අක්කර විස්ස ප්‍රදේශයේ කාන්තාවක් මරා දමා තිබුණේ නිවසේ මුළුතැන්ගෙය ආසන්නයේදීමය.
එයට අමතරව තවත් ස්ථානයකදී පුද්ගලයකුට ඇතා පහර දී ඇති බවද කියයි.
කෙසේ නමුත් කල් අඩිය සිමෙන්ති ගම්මානය ඇතුළු ගම්මාන 20 කට ආසන්න ප්‍රමාණයක සැරිසරමින් ජන ජීවිතයට තර්ජනයක් වන ලෙස සැරිසරමින් සිටි අතර නිවාස වලට පහර දෙමින් වගාවන් වනසමින් සිටි බව වනජීවී නිලධාරින් පවසයි.
පුත්තලම අලි පාලන ඒකකයේ නිලධාරින් විසින් මෙම ඇතාව අද (2) කල්අඩිය සිමේන්තිගම ගම්මානයේ සැරිසරමින් සිටියදී නිර්වින්දන එන්නත් විඳ අල්ලා ගෙන ඇති අතර යාල ජාතික වන උද්‍යානයට රැගෙන යාමට සුදානම් ව සිටින බව කියයි.
ඡායාරූප - ජයරත්න වික්‍රමාරච්චි