( තුසිත කුමාර ද සිල්වා)
කළුතර ජාතික ජලාප්‍රවාහන මණ්ඩලයෙන් හෙට (12) බෙදාහරිනු ලබන පානය ජලය හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජල මණ්ඩලය කළුතර කාර්යාලය ඉංජිනේරු ඒකකය සඳහන් කරයි.
එම ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ වන්නේ වාද්දුව, පොතුපිටිය, කළුතර උතුර ,කළුතර දකුණ, මොරොන්තුඩුව, කටුකුරුන්ද ,නාගොඩ ,දොඩංගොඩ පිලමිනාවත්ත, පයාගල ,මග්ගොන බේරුවල, අලුත්ගම, කළුවාමෝදර ,දර්ගා නගරය සහ බෙන්තොට යන ප්‍රදේශයි .
පානීය ජලය කල්වේලා ඇතිව රැස්කර ගෙන සිදුවිය හැකි අපහසුතාවය මගහරවා ගන්නා ලෙස ජල මණ්ඩලය එම ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.