( ලසන්ත නිරෝෂණ පෙරේරා )
කහවත්ත පොලිසියේ අත්අඩංගුවේ සිටියදි පළාගිය සැකකරු පැල්මඩුල්ල උඩුතුල ප්‍රදේශයේ සැගවී සිටියදි කහවත්ත පොලිසිය ව්සින් අත් අඩංගුවට ගනු ලැබිය.
අද (23) උදෑසන මෙම සැකකරු අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි .
සැකකරු පළායෑම නිසා කහවත්ත පොලිසියේ උප පොලිස් පරිෂකවරයෙකුගේ සහ සැරයන්වරයෙකුගේ වැඩ ඉකුත් 19 වනදා තහනම් කරනු ලැබිය.
මෙම සැකකරු ඉකුත් 18 වනදා කහවත්ත පොලිසියෙන් පළාගොස් තිබුණි .කහවත්ත පොලිසියේ ස්ඨානාධිපති පොලිස් පරික්ශක අතුල පෙරේරා මහතා ගේ මෙහයවිමෙන් පරික්ෂණ සිදු කෙරුණි .
ජංගම දුරකථනයක් සොරාගැනිම ගැන සැකකරු කහවත්ත පොලිසිය ව්සින් අත් අඩංගුවට ගනු ලැබ සිටියදි ඉකුත් 18 වනදා පළාගොස් තිබුණි .