(දයාරත්න ඇඹෝගම)
මිහින්තලේ කහටගස්දිගිලිය ප්‍රධාන මාර්ගයේ සියඔලෑවැව අසල දී ඊයේ (5) සිදුවු යතුරුපැදි අනතුරින් පොලිස් සැරයන්වරයකු අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි මියගිය බව මිහින්තලය පොලිසිය කියයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ අනුරාධපුර පොලිසියට අනුයුක්තව සේවය කළ ඒ.මහින්දපාල (49) නැමති පොලිස් සැරයන් වරයෙකි.
මිය ගිය පොලිස් සැරයන්වරයා මෙදින සේවය නිම කොට කල්ලංචිය කුඩා කපිරික්කඩ ප්‍රෙද්ශයේ පිහිටි සිය නිවසට යතුරැ පැදියෙන් යමින් සිටියදි මිහින්තලේ කහටගස්දිගිලිය ප්‍රධාන මාර්ගයේ සියඔලෑවැව කතෝලික පල්ලිය ඉදිරිපිට නවතා තිබු ලොරියක පිටුපස ගැටි ඇතිබව පොලිසිය කියයි.
සැරයන්වරයා ගැටී ඇත්තේ ආයුර්වේද දෙපාර්තමේන්තුවට අයත් ලොරි රථයක බව පොලිසිය සඳහන් කරයි.