කහ කිලෝ 1064ක් නොරොච්චෝලෙන් අල්ලයි


(ඉන්දිකා  රාමනායත සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ)

විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් වාඩියක සඟවා තිබූ වියළි කහ කිලෝ 1064ක් සමග සැකකරුවෙකු  නොරොච්චෝලේ ප්‍රදේශයේ  නාවික හමුදාව විසින් අත්අඩංගුවට  ගනු ලැබීය.

වයඹ නාවික විධානයට අයත් තම්බපණ්ණී කදවුරේ  භට කණ්ඩායමක්  ඊයේ (4) පස්වරුවේ සිදු කළ  මෙහෙයුමක්  මේවා සොයා ගත් බව නාවික හමුදාව පවසයි

එම ධීවර වාඩිය තුළ මළු 32ක අසුරා සඟවා මෙම කහ තොගය තිබූ බව නාවික හමුදාව පවසයි

මේවා ධීවර කටයුතු සිදු කරන මුවාවෙන්  නීතිවිටරා්ධී  ලෙස  මෙරටට රැගෙන එන ලද වියලි තොගයක්  බව නාවික හමුදාව පවසයි.

කහ සමග අත්අඩංගුවට ගත් සැකකරු (22) හැවිරිදි තරුණයෙකු බවත් ඔහු නොරච්චෝල පොලිසියට බාර දී ඇත.