කසල බැහැර කිරීමට එරෙහිව හැටන්හි උද්ඝෝෂණයක්


හැටන්-දික්ඔය නගර සභාව මගින් හැටන් කුඩාගම ප්‍රදේශයට කැළි කසල බැහැර කිරීමට එරෙහිව කුඩාගම ප්‍රදේශයේ ජනතාව අද (20) දෙවැනි දිනටත් කුඩාගම කසල කන්ද අසලදී හැටන්-නුවරඑළිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වූහ. 
මෙහිදී  උද්ඝෝෂකයන් කියා සිටියේ,  හැටන් -දික්ඔය නගර සභාව මගින්  බල ප්‍රදේශයේ එක් රැස්වන කැළි කසල කුඩාගම ප්‍රදේශයේ  බැහැර කිරීම සදහා වළක් කැපීමට පටන්ගෙන ඇති බවත්, වසර ගණනක් තිස්සේ  මෙම ස්ථානයට කසල බැහැර කිරීම නිසා  කුඩාගම ගම්මානයේ ජීවත්වන පවුල් 100 ක පමණ ජනතාව දැඩි පීඩාවකට පත්ව ඇති බවය. 

DSC00525 DSC00530 DSC00534 Still0219_00001 Still0219_00002