(අමල් වික්‍රමරත්න)
ගාල්ල නාගරිකයේ කසල කළමනාකරණය කිරීම සදහා ඉන්දීය සමාගමක් විසින් ස්වදේශ කටයුතු අමාත්‍යංශයට පරිත්‍යාග කෙරුණු කසල දහන යන්ත්‍රයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද ගාල්ල නගර සභාව වෙත නිල වශයෙන් පරිත්‍යාග කිරීම සිදු විය
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා , ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සමග ඉන්දීය සමාගමේ නියෝජිත පිරිසක්ද සහභාගී විය.
මෙම කසල දහන යන්ත්‍රයෙන් වරකට කසල කිලෝ 150 ක් දහනය කිරීමට හැකියාව ඇති අතර කිසිදු ඉන්ධන වර්ගයක් කසල දහනය කිරීමට යොදා නොගැනීමත් පරිසරයට කිසිදු අහිතකර වායුවක් මුදා නොහැරීමත් මෙම කසල දහන යන්ත්‍රයේ විශේෂතා අතර වේ.
නියමු ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක මෙම කසල දහනයන්ත්‍ර ව්‍යාපෘතිය ඉදිරියේදී ගාල්ල නගර සභාවේ එක්රැස්වෙන කසල දහනය කිරීමට අවශ්‍ය විශාල යන්ත්‍රයක්ද නොමිලයේ ලබාදීමට කටයුතු කරන බවද ඉන්දීය සමාගම සදහන් කරයි.