(රංජිත් රාජපක්ෂ)
කන්තලේ ත්‍රිකොණමඩු රක්ෂිතයේ රාජකාරි කළ වනජීවි නිලධාරීන් දෙදෙනෙකුට පහර දී රාජකාරියට බාධා කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සේරුවාවිල පොලිසියේ නිලධාරින් කටයුතු නොකිරීම හේතුවෙන් හෙට (23) මහවැලි කලාපයේ සහ ත්‍රිකුණාමල වනජිවි කලාපයේ රාජකාරි කරන වනජීවි නිලධාරින් රාත්‍රී රාජකාරිවලින් ඉවත්වී වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා එකාබද්ධ වනජීවි නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.
ප්‍රභාෂ් කරුණාතිලක මහතා මේ බව කියා සිටියේ අද (22) මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමිනි.
ඉකුත් 20 වැනිදා පල්ලේවෙල ගොවි සංවිධානයේ සභාපතිවරයා ඇතුළු පිරිසක් මහවිල්ආරු ප්‍රදේශයේදී වනජීවි නිලධාරින් දෙදෙනාට පහර දී එම වනජීවි නිලධාරින් දෙදෙනාගෙන් ජලාශයේ මසුන් ඇල්ලීමට සහ පල්ලේවෙල ස්භාවික රක්ෂිතය තුල ගවයන් ඇතුල් කිරීමට අවසර ලබාදෙන බවට වනජීවි නිලධාරින් දෙදෙනාගෙන් බලහත්කාරෙන් ලිපියක් සැකකරුවන් ලබාගෙන ඇති බව ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවැසීය.
මහවැලි කලාපයේ සහ ත්‍රිකුණාමල කලාප තුල වනජීවි නිලධාරින් 300 වඩා වැඩි පිරිසක් සේවයේ නියුතු බවත් මෙම වෘත්තිය සමිති ක්‍රියා මාර්ගයටද සේරුවාවිල පොලිසිය නිසි ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් 24 දින සිට දීප ව්‍යාප්තව වනජීවි නිලධාරින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එලබීමට තීරණය කර ඇති බව ප්‍රභාෂ් කරුණාතිලක මහතා සඳහන් කළේය.