කල්මුනේ පොලිස් වසමට අයත් සායින්දමරුදු ප්‍රධාන මාර්ගයේ අද පාන්දර සිදුවූ රිය අනතුරින් දරුවන් තුන් දෙනෙකු මරණයට පත්වූ අතර, 10 දෙනෙකු බරපතල තුවාල සමගින් රෝහල් ගත කර ඇත.
කොළඹ ගුවන් තොටුපළ සිට ඔලුවිල් පාලමුනේ කරා ගමන් ගත් වෑන් රථය ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ අයත් කල්මුනේ ඩිපෝවට අයත් බසයක් සමගින් ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.
බරපතල තුවාල ලද අය කල්මුනේ අෂ්රෆ් රෝහලේ ඇතුලත් කර ඇත. කල්මුනේ පොලිසිය වැඩිදුර පරික්ෂණ කරයි.

![2[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2017/01/21.png)
![3[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2017/01/31.png)
![3[2]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2017/01/32.png)
![5[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2017/01/51.png)
