කල්පිටියේ ධීවරයන්ට පළමු නිවාස යෝජනාක්‍රමය කිරි මුන්දලම දූපතේ


(පද්මා කුමාරී කංකානම්ගේ )

කල්පිටිය අර්ධදීපයේ දූපත් ධීවරයින් සදහා ක්‍රියාත්මකවන පළමු නිවාස යෝජනා ව්‍යාපෘතිය ,කීරි මුන්දලම දූපතේ ඉදිකිරීමට නියමිත බව පුත්තලම දිසා ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා පවසයි.

නිවාස 50 කින් සමන්විතවන මෙම නිවාස යෝජනා ව්‍යාපෘතිය පිළිබදව,මූලික සාකච්ඡාවක් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ක්‍රිස්ටි ලාල් ප්‍රනාන්දු ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වු බවද ඒ මහතා කියයි.

කීරිමුන්දල දූපත මීට වසර 20කට පමණ ධීවර පවුල් 300 කට පමණ වාසස්ථාන සැපයූ දූපතකි.නමුත් මේ වන විට එහි පවුල් සංඛ්‍යාව 50 කට අඩු සංඛ්‍යාවකට සීමා වී ඇත.