(පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය ප්‍රාදේශීය ලේකම් රජයේ ඉඩම් බළහත්කාරයෙන් අල්වාගෙන කම්බි ගැසීමේ කූඨ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන බව ජනතාව චෝදනා කරයි.
කල්පිටිය ප්‍රාදේශීය ලේකම්වරයා ස්ථානමාරු ලබා යාමත් සමඟ, මෙම ඉඩම්වල, ප්‍රාදේශීය ලේකම්වරයා විසින් රජයේ අයිතිය තහවුරු කරමින් සිටුවා තිබූ, දැන්වීම් පුවරු ගලවා ඉවත් කර මෙසේ කම්බි ගසා ඇතැයි ඔවුහු කියති.
පාලවිය , කල්පිටිය ප්‍රධාන මාර්ගයට යාබදව, නාච්චි කල්ලිය සුදු පියගම ප්‍රදේශයේ සහ ආලංකුඩාව ප්‍රදේශයන් හී මෙසේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ දැන්වීම් පුවරු ඉවත් කර ,කම්බි ගසා පදිංචිය පෙන්වීමට තාවකාලික කූඩාරම්ද ගසා තිබෙනු දැකිය හැකිය.
මේ පිළිබදව කල්පිටිය වත්මන් ප්‍රාදේශීය ලේකම් නන්දන සෝමතිලක මහතාගෙන් විමසීමේ දී කියා සිටියේ , ඉඩම අත් පත් කර ගෙන සිටින අයට ඉන් ඉවත්වන ලෙසට ලිඛිතව දන්වා ඇති බවයි.