කල්අඩියේ අනතුරකින් යතුරුපැදිකරු මරුට


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම කල්අඩිය 6 යේ කණුව ප්‍රදේශයේ අද (4) රාත්‍රී යතුරු පැදියක් බස් රථයක ගැටී සිදුවූ අනතුරකින් එක් අයකු මරණයට පත්ව තවත් අයකු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පුත්තලම පොලිසිය පවසයි.

අනතුරින් මරණයට පත්ව ඇත්තේ කල්අඩිය 6යේ කණුව ප්‍රදේශයේ පදිංචි සුසන්ත අමරසිංහ නැමති 44 හැවිරිදි අයකු බව පුත්තලම පොලිසිය කියයි.

යතුරුපැදිය පදවා ගෙන ගිය තැනැත්තා මරණයට පත්ව ඇති බවත් කුමන හේතුවකින් හෝ  යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ ගමන් කරමින් තිබූ බස් රථයේ ගැටී ඇති බවත් ඉන් පසුව බස් රථයේ ඉදිරිපස රෝද වලට යතුරුපැදි කරුගේ හිස අසුවී ඇති බවත් පොලිසිය පවසයි.